මිනිසා මිනිසාට මෘගයෙකි - homo homini lupus

 අනුර සහෝදරයා ජයග්‍රහනය කලේය මම ඔහුට සුබ පතමි ලංකාව වැනි සංස්කෘතිකව නොදියුනු රටවල් තවමත් මැකියාවෙලී පන්නයට හොදින් පාලනය කලහැකි බව අපට මහින්ද රාජපක්ශ පෙන්වාදී ඇත ලංකාව තවමත් පරිපුර්ණ සාදාචාරාත්මක රාමුවක් තුල පාලනය කල නොහැකි බව ජවිපේ ආන්ඩුව ඔප්පුකරනු ඇත  - 22/09/2024 

"homo homini lupus"
 


 

Jakarta Solution නොහොත් 1988-89 ලේවැකි මර්දනයේ රහස් වට්ටෝරුව

මිට කලකට ඉහතදී ම‌ගේ දේශපාලන මිතුරෙක් මට කියපු කතාවක් තිබුනා. ඒ් තමයි  88-89 ජවිපෙ සන්නද්ධ අරගලය පරාජය කරන්න ප්‍රේමදාස ආන්ඩුව ඇමරිකාවේ Military Strategists ලාව කන්සාල්ට් කරල තිබුනා කියන කතාව. මේ අනුව ප්‍රේමදාස රජයට කන්සාල්ටන්ට්ලා කිව්වලු සමස්ත ජවිපෙ කැරුල්ලම මර්ධනය කරල දාන්න ඒක පොලීසියකට ඒක වෑන් ඒකයි පොලිස්කාරයේ 03 දෙනෙකුයි දුන්නනම් හොදටම ඇති කියල. නමුත් ඒ් කතාවේ සත්‍යතාව මම හරියටම දන්නේ නැහැ. නමුත් ඒ්ක තවත් දේශපාලන කට කතාවක් නොවේ කියල මට පස්සේ තේරුම් ගන්න පුලුවන් උනා .

අපි දන්නවා ජයවර්ධන පාලන සමයේ උතුරේ නැගී ආපු දමිල ප්‍රචන්ඩත්වය මර්ධනය කරන්න  STF හැදුවා කියල. මේක හදන්න අවශ්‍ය මුලික සටන් තාක්ශනය සහ කැරලි මර්ධණ ප්‍රයෝග සදහා ලංකා‌වෙ රජය කන්සාල්ට් කරනව බ්‍රිතාන්‍ය  කුලි හමුදා සේණාංකයක්. මෙි කුලී සේනාංකය තමයි (KMS) නැතිනම් kini-Mini Services කියන්නේ .1970-1980 දශක දෙක පුරා ලෝකයේ විවිධ රටවල කරපු රහසිගත හමුදා සහ ඩිප්ලොමැටික් මෙහෙයුම් පිටි පස්සේ හිටියේ මේ KMS. ඒතකොට STF ඒක හදන්න ලංකාවට කන්සාල්ටන්සි වලට ආපු නියෝජිතයන් අවසාන නියෝජිතයා ලංකාවෙන් යන්නේ 1989 මැයි මාසයේ. ඒ් කියන්නේ උතුරු දමිල කැරැල්ලට නෙවේ දකුනේ බහුතර සිංහල (වාමාංශික ) කැරැල්ලත් මර්ධනය කරන්න අවශ්‍ය උපදෙස් දීල.

ගීත කලාවේ මට පෙනෙන දේශපාලනය

පහුගිය දවස් ටිකේ නන්දා මාලිනීගේ ගීත කලාව විවේචනය කරපු වීඩියෝ එකක් ප්‍රචාරය වුණා. මේකට ගොඩක් කට්ටිය බැනලා තිබ්බා. මේ කාන්තාව නන්දා මාලිනීගේ ගීත කලාව විවේචනය කරා කියලා. මෙතන අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ලංකාවේ මිනිස්සු සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ හැඟීම් වලින් නැතිනම් ජාතිකත්වය ෆැන්ටසියෙන් කියල කියන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් ලංකාවේ මිනිස්සුන්ට දෘෂ්ටිවාදය කියන්නේ මොකක්ද කියන දේ තේරෙන්නේ නැහැ. හැබැයි කවුරුහරි දෘශ්ඨිවාදය විවේචනය කරන්න ගියපුවහම ඒකෙන් යම්කිසි ආකාරයකට තමන්ගේ දෘශ්ඨිවාදී ෆැන්ටසියට ලොකු පහරක් වදිනවා ඒක මිනිස්සුන්ට resist කරන්න ඉතා අමාරුයි. 

නන්දා මාලිනීගේ ගීත වල ගොඩක් වෙලාවට ඇත්තටම තිබුණේ විප්ලවකාරී, වාමාංශික අදහස් නෙවෙයි. ඒ වගේ ගොඩක් වෙලාවට තිබුණේ ජාති(ක)වාදී අදහස්, නැත්නම් ගතානුගතිකවාදී අදහස්. එක පැත්තකින් ජාතික සමගිය ගැන කතා කරන අතරෙ අනිත් පැත්තෙන් සිංහල Ethnocentrism ප්‍රවර්ධනය කලා ඔය ආන්දෝලනයට  ලක්වුන පවන ඇල්බම් එක ගත්තත් ඒකේ ගොඩක් වෙලාවට තිබ්බේ බටහිර විරෝධය පිළිබඳ අදහස්. බටහිර ලෝකයේ හැම තිස්සෙම ලංකාවේ විනාශ කරන්න බලාගෙන ඉන්නවා වගේ මෝඩ  අදහස් වගයක් තමයි තිබ්බේ. 

ඇත්තම කිව්වොත්,ඕව පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුන කියන මෝඩ ගම්බයි පක්ශය විසින් දියත් කරපු මතවාද. ඒ අදහස්ම තමයි විමල් වීරවංශල ඔය කරේ තියාගෙන ගියේ. ඒ කියන්නේ ලංකාවේ ජාතිකවාදීන්. ඒකයි මම කියන්නේ ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙත් මහින්දලටත් වඩා අන්ත ජාතිකවාදී පක්ෂයක් කියල. අපි ලතින් ඇමරිකාවේ විරෝධාකල්ප ගායකයෙක් වුන, වික්ටර් හරහාගේ ගීත ගත්තොත්, පැහැදිලිවම ඒ වගේ තියෙන්නේ. පොදු මහජනතාවගේ ගැටලු නැත්නම් දේශපාලන ගැටලු.එත් නන්දා මාලිනිය අතින් කොළඹ middle class එකට අමනයි කියන්න හේතු වෙන්නේ මොකක්ද ? . 

සිංහල බ්ලොග් කියවන අයට ඔත්තුවක් - Capy Reader App එක

සිංහල බ්ලොග් වසන්ත සමයේ ඒ කියන්නේ 2010-2012 වගේ කාලයේදි අපි සුප්‍රකට බ්ලොග් සින්ඩිකේටර් කිහිපයක් තිබුන මතකද .SBU හෙවත් සිංහල බ්ලොග් සංසදය ,ලාංකිය සිතුවිලි රීඩරය, හත්මාලුව ,සින්ඩිය කොත්තු ආදී වශයෙන්. කාලයේ ඇවෑමෙන් මේ වසන්තය නිමාවෙලා ගියත් තවමත් බ්ලොග් ලියන අය අපි අතර ඉන්න එක කොතරම් සතුටක්ද කියල හිතෙනවා. නමුත් දැන් අර පරන සින්ඩිකේටර් සියල්ල අක්‍රිය වෙලා ගිහින්. ලංකාවේ බ්ලොග් සංස්කෘතියට වැදුන ලොකුම පහර SBU එක අත්හිටුවීම කියලයි මට හිතෙන්නෙ. මම දන්නේ නැහැ ඇයි එහෙම කලේ කියල. සමහර කට කතා තිබුනා ඒ ගැන .සමහර විට කොලඹගමයා මේ ගැන යමක් දන්නවා යැයි මට සිතේ . පසු කාලයේ බිහිවුන blogger සේවාව පදනම් කරගත් සින්ඩි කිහිපයක් දැන් තියනවා. නමුත් ඒවටත් අලුත් බ්ලොග් අතුලත් වෙන පාටක් නැහැ.

දැනට තවමත් මට වැඩිම ට්‍රැෆික් එකක් එන්නේ මාතලන්ගේ සින්ඩියෙන්. ඒකත් මහලොකු ප්‍රමානයක් නෙවේ. නමුත් මට බ්ලොග් හොය හොයා කියවන්න අමාරු නිසාත් සමහර බ්ලොග් අපි නිතර බාවිත කරන ස්මාට් ෆොන් එකෙන් කියවන් අමාරු නිසාත් මට මේකට හම්බවුනා Capi Reader කියන ඇප් එක.මේක සම්පුර්නයෙන්ම නොමිලේ භාගත කරගන්න පුලුවන් .ඊට පස්සේ අපි කැමති බ්ලොග් ලැයිස්තුව මේකට ඇතුලත් කරාට පස්සේ ඒ සියලු ලිපි update වෙනවා. අපට ඇප් එක හරහා ඒවා ඉතා පැහැදිලිව කියවන්නත් පුලුවන්. 

Image ,Video ඉතාම හොදින් වැඩ කරනවා ලිපියේ මාතෘකාව උඩ ක්ලික් කරාට පස්සේ ඔරිජිනල් බ්ලොග් ලිපිය Chrome බ්‍රවුසරය හරහා විවෘත කරගන්න පුලුවන්. ඒක හින්ද Comment කරන එකට ගැටලුවකුත් නැහැ. බ්ලොග් විතරක් නෙවේ ඕනැම වෙබ් ලින්ක් එකක් මේකට Add කරල අලුත් ලිපි කියවන්න පුලුවන්. මේකේ ස්වරුපය ගැන අදහසක් ගන්න මම screenshot කිහිපයක් පහලින් පලකරල තියෙනවා මට නම් මේක හරිම
පහසුවක් .

විසිතුන් වසරක් පැරණි ඉලෙක්ට්‍රොනික වසන්තයේ මතකය

මගේ නිතර පිවිසෙන Pinterest ගිනුමෙහි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිලිබද ලිපි නිතරම යාවත්කාලීන වන්නේ මා තාමත් විශේෂයෙන්ම ඒවැනි ලිපි බැලීමට කැමති අයෙක් නිසාවෙනි .පසුගිය දිනෙක මේ ලිපි කිහිපයක් කියවමින් සිටින අතරතුර මගේ මතකය මීට වසර 23 ක පමණ අතීතයකට දිවගියේ මා  විසින් එකල තනිව ඉගෙන තනිව නිමවු පලමු ඉලෙක්ට්‍රොනික පරිපථය පිලිබද සටහන් සහිත ලිපියක් එතුලින් හමුවීම නිසාය.ඒ මා 6 ශ්‍රේණියේ සිටියදී නිමකල එක වරකට එක බැගින් වු LED බල්බ 2 ක් නිවි නිවී දැල්වෙන LED Multi-vibrator පරිපථයයි. C828 ට්‍රාන්සිස්ටර් යුගලයක් 10uf ධාරිතාවෙන් යුතු කොන්ඩෙන්සර් යුගලයක්  ඕම්ස් 10 යේ රෙසිස්ටර් යුගලයක් සහ LED යුගලයක් යොදාගනිමි සකස්කරන මේ පරිපථය පලමු වරට නිමවා සාර්ථකව ක්‍රියාකරවීමෙන් පසු මට දැනුනේ මහා විද්‍යාඥයකුගේ සොයාගැනීමක් තරමි සතුටකි .

ඒ සදහා එකල මට වැයවුයේ රුපියල් 30ක් තරමි මුදලකි .එතැන් පටන් බොහෝ අවස්තාවල මගේ කාමරය ඉලෙක්ට්‍රොනික අබලි ද්‍රව්‍ය වලින් පිරුණු එක් විය.වෙලදපලේදී හමුවු කුඩා පොත් පිංචක් උපකාරයෙන් තනිවම උපාංග සහ පරිපථ අදිනු ලබන සමිමත සංකේතයන් හදුනාගෙන අනුව එකලස් කල මේ පරිපථය පිහිටෙන් එකල මා පංතියේ සිටි මහා වැඩකරුවෙක් ලෙස ප්‍රසංශා ලැබීය. මේ ප්‍රසංශාවත් සමගම මුල්වරට මට විදුලි බවුතයක්ද තෑගි ලැබුනේ අද දරුවන්ට කොමිපියුටර් ක්‍රමලේඛනය (Programming) උගනිනවා හා සමාන වටිනාකමක් එකල එහි තිබු නිසාය.අද දරුවන් පරිගණකයෙන් ක්‍රීඩාවන් කරනවාක් මෙන් එතැන් පටන් විවිධ පරිපථ අත්හදා බැලීම මගේ විනෝදාංශය විය.අන්තර්ජාලය ගැන මා  අසා හෝ නොතිබුන ඒ කාලයේ ඉලෙක්ට්‍රොනික පිස්සන්ගේ දොලදුක සිදවු බොරැල්ල සෙනිත් සමාගමේ සිප්නැන සගරාපෙල ශ්‍රිීලාංකිකයින්ට අලුත් දේ අලුත් තාකශණය හා නව නිර්මාණ ගැන සිතීමට ප්‍රබල වශයෙන් දායක වු සගරාපෙලක් බව කිවයුතුය